ඩෙංගු මරණ 42 දක්වා ඉහළට

වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිවේදනය කරනවා.

මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් ගණන 63,835ක් බවයි එම ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවේ.

ජූලි මාසයට පමණක් රෝගීන් 8,450ක් වාර්තා වී ඇත.

එසේම ඉදිරි දින කිහිප තුළත් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් සිදුකරන බවද වෛද්‍යවරයා පැවසීය.