තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

මධ්‍යම, සබරගමුව, උතුරු, උතුරු – මැද, වයඹ පළාත් සහ හම්බන්තොට, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන්, මධ්‍යම, සබරගමුව, උතුරු, උතුරු-මැද, සහ වයඹ පළාත් පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.