බොරතෙල් මිල තවත් පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහත වැටී ඇතැයි වාර්තා වෙනවා.

“ඔපෙක් ප්ලස් (OPEC+) සංවිධානය විසින් එළඹෙන අගෝස්තු මාසය සඳහා වන නිෂ්පාදන ඉලක්ක ඉහළ නැංවීමත් සමඟ මෙලෙස ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ වැටී ඇති බව සඳහන්.

එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යළිත් සාමාන්‍ය පරිදි තෙල් අපනයනය ආරම්භ වීම මෙලෙස ලෝක සැපයුම ඉහළ යාමට හේතු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 71.78ක් දක්වා පහළ ගොස් ඇති අතර, අමෙරිකානු WTI බොරතෙල් බැරලයක් ඩොලර් 68.48ක් ලෙස සටහන්ව ඇත.