කොරෝනා නව ආසාදිතයින් 715 දෙනෙකු ඊයේ (02) දිනය තුළ මෙරටින් හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
එම ආසාදිතයින් සියලුදෙනා දේශීය හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ.
වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 261කි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් 142ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 61ක් වාර්තා වී තිබේ.
අනෙක් ආසාදිතයින් 464දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 65,698 දෙනෙකු දක්වා ඉහළගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 59,043 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.
ආසාදිතයින් 6,325 දෙනෙකු තවදුරටත් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ.
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 330ක් දක්වා ඉහළගොස් තිබේ.
නව ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින්,
කොළඹ – 261
ගම්පහ – 142
බදුල්ල – 61
කුරුණෑගල – 53
මහනුවර – 43
කළුතර – 40
ගාල්ල – 24
රත්නපුර – 23
පොළොන්නරුව – 14
හම්බන්තොට – 11
අනුරාධපුර – 08
මාතර – 07
මොනරාගල – 07
මාතලේ – 06
අම්පාර – 05
කෑගල්ල – 05
නුවරඒළිය – 02
මඩකලපුව – 02
ත්‍රීකුණාමලය -01

