බොරතෙල් මිල ඩොලර් 70 සීමාවට

ඇමරිකාව විසින් ඉරානයට පහර දීමට පෙර පැවති බොරතෙල් මිල හා ආසන්න සීමාවට මේ වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහල ගියා තිබෙනවා.

ඒ අනුව WTI ඉන්ධන බැරලයක මිල අද දැක්වුණේ අමෙරිකානු ඩොලර් 70.05ක අගයක් ලෙසය.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 73.32 ලෙසය.

මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.45ක් දක්වා 4.57%කින් පහළ ගොස් ඇත.