අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ දෙවන අදියරට අදාළ ජුනි මස දීමනා මුදල් අද ( 23 ) වනදා අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කරන බව ජාතික සුබසාධන මණ්ඩලය සඳහන් කරනවා.
ඒ අනුව, දෙවන අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 270,025ක් සඳහා මෙම දීමනාව හිමිවීමට නියමිතයි.
රුපියල් 3,287,163,750ක (තුන් බිලියන දෙසිය අසූහත් මිලියන එකසිය හැට තුන්දහස් හත්සිය පනහක්) අද (23) දින අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම් ගිණුම් වෙත බැර කරනු ඇත.
ප්‍රතිලාභීන්ට අද (23) දින සිට තම අස්වැසුම ප්‍රතිලාභී ගිණුම මඟින් කිසිදු බාධාවකින් තොරව මෙම දීමනාව ලබාගැනීමේ හැකියාව පවතී.

