මැයි වැඩිහිටි දීමනාව හෙට බැංකු ගිණුම් වෙත

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා වන මෙම වසරේ මැයි මාසයේ දීමනා හෙට (29) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, ‘අස්වැසුම’ පළමු සහ දෙවැනි අදියර යටතේ සුදුසුකම් ලැබූ වැඩිහිටියන් ලක්ෂ 7කට ආසන්න පිරිසක් වෙනුවෙන් රුපියල් තුන්සිය හතළිස් නව කෝටි තිස් නව ලක්ෂ පහළොස්දහසක (3,493,915,000.00) මුදලක් රජය විසින් මෙලෙස නිදහස් කර ඇති බවයි සුබසාධක ප්‍රතිලාභක මණ්ඩලය සඳහන් කරන්නේ.

අදියර අනුව ප්‍රතිලාභ මුදල් වෙන් කර ඇති ආකාරය පහත පදිරි වේ.

පළමු අදියර – වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටි ප්‍රතිලාභීන් 625,128 දෙනෙකු වෙනුවෙන් රුපියල් 3,125,600,000.00 ක මුදලක්.

දෙවන අදියර – වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටි ප්‍රතිලාභීන් 73,663 දෙනෙකු වෙනුවෙන් රුපියල් 368,315,000.00 ක මුදලක්.