විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද අදට යෙදෙන හජ් උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
“ජාති, වර්ණ, භේද ඉක්මවා එකම අරමුණකින් එකතු වන හජ් වන්දනය ලෝකයට ලබා දෙන්නේ සාමයේ සහ සමානාත්මතාවයේ උතුම් පණිවිඩයකි. ඒ උතුම් පණිවිඩය තවදුරටත් පසක් කරමින් අපගේ රටටත් ලෝකයටත් සාමය, සංහිඳියාව, එකමුතුව, අවබෝධය හා විශ්වාසය පිරුණු හෙට දවසක් උදාවේවා!
ඊද්-උල්-අද්හා-මුබාරක්!”


