හජ් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්

හජ් උත්සවය වෙනුවෙන් පොලීසිය විසින් විශේෂ ආරක්ෂක සහ රථ වාහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව විශේෂ යාඥාවන් පැවැත්වෙන සියලුම ප්‍රධාන මුස්ලිම් පල්ලි සහ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් ආරක්ෂාව සඳහා යෙදවීමට පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

එසේම මුස්ලිම් පල්ලි අවට අධික රථ වාහන තදබදයක් ඇති වීම වැළැක්වීම සහ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසු කිරීම සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කර තිබේ. 

මේ අතර බන්ධනාගාර ගත රැදවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් අද (27) දිනයේ ලබාදී ඇත.

ඒ අනුව බන්ධනාගාර ගත රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර සහ රසකැවිලි එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට ද අවස්ථාව සලසා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.