ඩොලරයේ විකුණුම් මිල රු.334ක් වෙයි

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (16) දිනයේදීත් ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අඛණ්ඩව අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව අද දිනයේ ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 3 කින් ඉහළ ගොස් රුපියල් 334 ක් ලෙස සටහන් වී තිබෙනවා.

එසේම ඇමරිකානු ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 323.53 සිට රුපියල් 326.74 දක්වා ඉහළ ගොස් තිබේ.