හැටන් අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද නිවාඩු

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල්වලට අද (15) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් මත හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය මෙම තීරණය ගෙන ඇත.

එසේම අනෙකුත් අවශ්‍යතා සඳහා ගුරුවරුන් සහ සිසුන් අද දින පාසලට කැඳවීමෙන් වළකින ලෙස ද දැනුම්දී ඇති බව සඳහන්ය.

මේ අතර නුවරඑළිය කලාපයේ පාසල් සඳහාද අවශ්‍යතාවය මත කලාප අධ්‍යපන අධ්‍යක්ශවරුන්ගේ උපදෙස් මත සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට විදුහල්පතිවරුන්ට අවසර ලබා දී තිබේ.