අඩු පීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ශ්‍රී ලංකාව ආසන්නයේ ඇති වී තිබෙන අඩු පීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහල වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී 10.1N, 82.5E ආසන්නයේ පවතින බවයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව එහි සඳහන්.

තවද මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින වටාවන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වලත්, බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවලත් තද සුළං ඇතිවිය හැකි අතර මුහුදු ප්‍රදේශ රළු වීමේ හැකියාවක් පවතී.