දිස්ත්‍රික්ක පහකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

අද (11) රාත්‍රී 9.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය වලංගු වනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, කුරුණැගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල, අඹන්ගඟ කොරලේ, රත්තොට, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර‍, වැල්ලවාය, රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 1 යටතේ විමසිලිමත්බවින් සිටින ලෙස දැනුම් දී ඇත.