ඉදිරි කාලගුණය ගැන විශේෂ නිවේදනයක්

ඉදිරි කාලගුණය ගැන විශේෂ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, මැයි මස 11 දින පමණ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැක. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි.

මෙම පද්ධතියේ වර්ධනය හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයින වටාවන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වලත්, බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවලත් තද සුළං ඇතිවිය හැකි අතර මුහුදු ප්‍රදේශ රළු වීමේ හැකියාවක් පවතී.