වසරේ ගතවූ මාස කිහිපය තුළ සංචාරකයින් 858,527 ක පිරිසක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
පසුගිය මාසයේදී සංචාරකයින් 117,893 ක් මෙරටට පැමිණ තිබෙනවා.
ඉන් වැඩි පිරිසක් ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, චීනය සහ ජර්මනිය වැනි රටවලින් පැමිණ ඇති බවයි එම අධිකාරිය කියා සිටියේ

