අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද (29) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල ද රුපියල් 314.99 සිට රුපියල් 315.54 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රුපියල් 322.75 සිට රුපියල් 323.26 දක්වා ඉහළ ගොස් තිබේ.