තිරිඟු පිටි මිල ඉහළට

තිරිඟු පිටි මිල අද (29) සිට ඉහළ දැමීමට කටයුතු කළ බව ප්‍රීමා සමාගම පවසනවා.

ඒ අනුව ප්‍රීමා පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇත.

මීට පෙර රුපියල් 220ක්ව පැවති පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 225ක් වෙයි.

ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මෙලෙස තිරිඟු පිටි මිල ඉහළ දැමීමට පියවර ගත් බවයි සමාගම සඳහන් කරන්නේ.