උතුරු ජපානයේ හොකයිඩෝ (Hokkaido) දූපත් කලාපයේ අද (27) අලුයම රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
මෙම කම්පනයෙන් කිසිදු දේපල හානියක් හෝ ජීවිත හානියක් සිදුව ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.
එසේම මෙම භූ කම්පනයත් සමඟ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට අවශ්‍යතාවයක් පැන නොනැගුණු බවයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කළේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGS) අනුව, භූමිකම්පාවේ කේන්ද්‍රය සරබෙට්සු (Sarabetsu) නගරයට කිලෝමීටර් 18ක් බටහිරින් පිහිටා ඇති අතර, එය පොළොව මතුපිට සිට කිලෝමීටර් 81ක් ගැඹුරින් සිදුවී තිබෙනවා.

