ඉන්දුනීසායාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහි ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 5.8ක් ලෙස සටහන්ව ඇත.
පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙම භූකම්පනය සිදුව ඇති බව ද සඳහන් වේ.
මෙම භූකම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

