දිස්ත්‍රික්ක හතරකට නායයාම් අනතුරු ඇඟවිම්

දිවයිනේ දිස්ත්‍රික්ක හතරක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අදියර 1 යටතේ නායයාම් අනතුරු ඇඟවිම් නිකුත් කර තිබෙනවා.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (13) පස්වරු 04.00 සිට හෙට පස්වරු 04.00 දක්වා වලංගු වනවා.

ඒ අනුව පහත ප්‍රදේශ සඳහා අදියර 1 යටතේ ‘විමසිලිමත්ව සිටින’ ලෙස  නිවේදනය කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කය – යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කෑගල්ල දිස්ත්‍රික්කය – වරකාපොළ, කෑගල්ල සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 
නුවරඑළිය දිස්ත්‍රික්කය – නුවරඑළිය සහ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
රත්නපුරය දිස්ත්‍රික්කය – ඉඹුල්පේ, කුරුවිට, ඕපනායක, පැල්මඩුල්ල සහ රත්නපුරය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස