අද දිනයේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තම්න්තුව නිවේදනය කරනවා.
ඒ අනුව උතුරු, උතුරු – මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැකි බවයි එහි දැක්වෙන්නේ.

