සුපර් ඩීසල් මිල යළි ඉහළ දැමීමට ලංකා IOC සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද (08) දිනයේ සිට රු 572ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 600ක දක්වා ඉහළ දමා තිබෙනවා.
එසේම රුපියල් 551ක් වූ එක්ස්ට්රා මයිල් ඩීසල් ලීටරයක මිල රුපියල් 590ක් දක්වා සහ රුපියල් 588ක් වූ එක්ස්ට්රා ග්රීන් ඩීසල් ලීටරයක මිල රුපියල් 620ක් දක්වා ද ඉහළ දමා ඇත.
කෙසේවෙතත් ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදුනොවන බවයි ලංකා IOC සමාගම සඳහන් කළේ.

