මේ වසරේ ගෙවුණු දින 18 ක කාලය තුළ පමණක් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 10,437 ක් වන අතර එම කාලය තුළ සුවය ලැබූ සංඛ්‍යාව 10,400කි.
ගෙවුණු දින 18 තුළ වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 66කි.
මේ අතර, දිවයිනට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම රැඳි සිටින ගාල්ල දඩල්ල ප්‍රදේශයේ හෝටලයෙන් තවත් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.
මුළුතැන්ගෙයි සහ රෙදි සෝදන අංශයේ දෙදෙනෙකු මෙලෙස ආසාදිතව සිටින අතර ඔවුන් කෑගල්ල හෙට්ටියමුල්ල සහ ගාල්ල මහමෝදර ප්‍රදේශවල අයයි.
මීට පෙරද එම හෝටලයේ කාර්ය මණ්ඩලයෙන් ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා විය.

