අදත් ප්‍රදේශ රැසකට සැලකිය යුතු උණුසුමක්

අද දිනයේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උණුසුම සැලකිය යුතු මට්ටමක් දක්වා ඉහළ යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

ඒ අනුව උතුරු, උතුරු – මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැක.