හෝමාගම සහ අවට ප්‍රදේශවලට පැය 12ක ජල කප්පාදුවක්

හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල (කලාප අංක 01) සඳහා පැය 12ක ජල කප්පාදුවක් අද සිදුකෙරෙන බව ජාතික ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව හෝමාගම සහ ඒ අවට ප්‍රදේශ සඳහා උදෑසන 08.00 සිට පස්වරු 8.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදුවනු ඇත.

මේ අතර පාදුක්ක සහ අවට ප්‍රදේශ සඳහා මේ වන විට ක්‍රියාත්මක වන ජල සැපයුම අත්හිටුවීම අද උදෑසන 08.00ට අවසන් වන බවය.