විපක්ෂනායකවරයාගේ පාස්කු දින පණිවිඩය

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාස්කු දින සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එය පහතින්,

“පාස්කු දිනය අපට සිහිපත් කරන්නේ බලාපොරොත්තු, ආදරය හා නැවත නැගීසිටීමේ බලය යි. එබැවින් සත්‍යය අනාවරණය වන, ආදරය බෙදාහරින, බලාපොරොත්තු හැමවිටම ජයගන්නා, යුක්තිය සැමට ඉටුවන සුබ පාස්කු මංගල්‍යක්ම වේවා!”