රත්නපුර දිස්ත්රික්කයට ඇද හැළෙන වර්ෂාපතනය හමුවේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව රත්නපුර දිස්ත්රික්කයේ කොලොන්න සහ රත්නපුර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස 02ක සඳහා අදියර 01 යටතේ විමසිලිමත්බවින් සිටින ලෙස අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර ඇත.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (04) පස්වරු 05.00 සිට හෙට පස්වරු 05.00 දක්වා ක්රියාත්මකයි.

