2026 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ සැලකිය යුතු පහළ යාමක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව මාර්තු මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 183,979ක් ලෙසයි දැක්වෙන්නේ.
එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 19.7%ක පසුබැස්මක් වනවා.
මාර්තු මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාව වෙතින් වන අතර එම සංඛ්‍යාව 47,533ක් (26%)කි.
තවද, එක්සත් රාජධානියෙන් 18,092, රුසියාවෙන් 15,685ක්, ජර්මන් 13,429ක්, චීනයෙන් 14,064ක් සහ ප්‍රංශ ජාතිකයින් 8,359ක් ද මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
මේ සමඟම 2026 ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 740,634ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

