ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (26) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ සිදුකරන ඒකාබද්ධ පස්වන සහ හයවන සමාලෝචන සම්පූර්ණ කිරීමේ අරමුණින් ප්‍රතිපත්තිමය සාකච්ඡා පැවැත්වීම සඳහා මෙම පිරිස පැමිණීමට නියමිතයි.
ඔවුන් අප්‍රේල් 9 වනදා දක්වා දිවයිනේ රැඳී සිටිනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය සඳහන් කරන්නේ.
මෙම සංචාරය අතරතුර, මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙරට බලධාරීන් සමඟ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව මෙන්ම මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
මෙම නියෝජිත පිරිසේ සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ යාවත්කාලීන තක්සේරුවක් සිදු කරන බවත්, ශ්‍රී ලංකාවට ලබා දිය හැකි උපරිම සහයෝගය කුමක්ද යන්න තීරණය කරන බවත් ජූලි කොසැක් මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

