අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා මාර්තු මස ගෙවන වැඩිහිටි දීමනාව ලබන 26 දින ගෙවීමට නියමිතව තිබෙනවා.
මෙහි දී අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 622,462 දෙනෙකුට මෙම වැඩිහිටි දීමනාව ගෙන බවත් මේ අනුව රුපියල් 3,112,310,000ක මුදලක් හා දෙවන අදියරේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 71,339 දෙනෙකු සඳහා රුපියල් 356,695,000ක මුදලක් එළැඹෙන 26 වැනි දින අදාළ ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත යොමු කරන බවයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කළේය.
මේ අනුව අදාළ ප්‍රතිලාභීන්ට මාර්තු මස 26 වැනි දින සිට තම අස්වැසුම ප්‍රතිලාභී ගිණුම මගින් ලබා ගත හැක.

