අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සියලු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් වෙත ඉන්ධන හා බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා වූ මාර්ගෝපදේශ මාලාවක් ඊයේ (23) නිකුත් කර තිබෙනවා.
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී මෙරටට ඉන්ධන ආනයනය කිරීමේ දී බාධා මතුවිය හැකි බැවින් දැනට පවතින ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සහ අත්‍යාවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා මෙම මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව සඳහන්ය.
එමඟින් රජයේ කාර්යාලවල කාර්ය මණ්ඩල ප්‍රවාහනය සහ ඉන්ධන කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය ආයතන විසින් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව දීර්ඝ වශයෙන් දැනුවත් කර ඇත.
නිලධාරීන් රාජකාරී සඳහා පැමිණීමේ දී තනි තනි වාහන භාවිතය වෙනුවට හැකි සෑම විටම පොදු ප්‍රවාහන සේවා හෝ කණ්ඩායම් ප්‍රවාහන සේවා භාවිතා කළ යුතු බවත් ක්ෂේත්‍ර රාජකාරී සඳහා අවම වාහන සංඛ්‍යාවක් භාවිතයට ගතහැකි පරිදි දෛනික ප්‍රවාහන සැලසුම් සකස් කළ යුතු බවත් දැනුම් දී තිබේ.
විදුලිය සහ බලශක්තිය සංරක්ෂණය කිරීම සඳහා ද ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව සඳහන්ය.
එම මාර්ගෝපදේශ ඇතුළත් සම්පූර්ණ නිවේදනය පහතින්,

