බෞද්ධ දහම් පාසල් නැවත ආරම්භ කිරීමට නියමිතයි

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හමුවේ තාවකාලිකව වසා දැමූ බෞද්ධ දහම් පාසල් නැවත ආරම්භ කිරීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පිහිටි දහම් පාසල් හැර සෙසු ප්‍රදේශවල පිහිටි දහම් පාසල් ලබන ඉරිදා (17) නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.