මාර්තු මාසයේ මුල් දින 18 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 109,410ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 27,613ක් පැමිණ ඇති අතර, එය මුළු ප්‍රමාණයෙන් 25%ක් වනවා.
එසේම රුසියාවෙන් 9,562ක්, ජර්මනියෙන් 8,258ක්, එක්සත් රාජධානියෙන් 10,111ක්, චීනයෙන් 9,100ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 6,114ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
මේ සමඟම 2026 ජනවාරි 01 සිට මාර්තු 18 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 666,065ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

