2021 ලියන පළවෙනි article එක මෙහෙම එකක් වෙයි කියල කවුද දෙයියනේ හිතුවේ. එහෙනම් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල බොක්කෙන්ම විශ් කරනවා. ඉතින් අවුරුද්දේ මුලම ගොඩක් අයට තියන ප්‍රශ්ණයක් මොකක්ද මේ whatsapp වලට වුණේ. ඉතිං මං හිතුවා පොඩ්ඩක් ඒ ගැන හොයලා මෙලෝ මගුලක් දන්නේ නැති අපේ පිංවතුන්ට මේ ගැන පොඩ්ඩක් කියන්න. එහෙනම් කතාවට බහිමු.
2021 ජනවාරි 8 හෝ 9 වෙනිදා පොඩි එකක් pop-up ආවා agree කරන්න කියල. මොකක් ද ඒ ? ඒ තමයි මේ දවසේ ඉදලා ඔයාගේ whatsapp තියන සියළුම පෞද්ගලික තොරතුරු facebook company family එකටම ඔයාගේ බලතල දෙනවා කියන එක.
මේකේ තියන ලොකුම case එක තමයි මේ තොරතුරු දෙන්න agree නැත්තම් එයාලා කියනවා ඔයාගේ whatsapp එකෙන් අයින් වෙන්න කියල. සරළවම කියනවා නම් උන්ට අවුලක් නැහැ whatsapp delete කරපන් කියල කියන්නේ. හැබැයි ඔයා facebook use කරන්නේ නැති කෙනෙක් කියමුකෝ. ඒ කියල සතුටු වෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. මොකද ඔයා whatsapp විතරක් use කරන කෙනක් වුණත් දැනටමත් ඔයාගේ දින චර්යාව එයාලට ලැබිලා ඉවරයි.
උදාහරණයකට ගමු , ඔයා යන එන තැන් (GPS වලින් – Location) , ඔයාගේ address එක , ඔයා ආස දේවල් , ඔයා ආදරේ කරන්නේ කාටද , ඔයා වැඩියෙන්ම බලන්නේ මොනාද ,කොටුවක් පැන්නා නම් location කොහෙද අන්න ඒ වගේ දේවල් දෙයියනේ කියල දැනටමත් WhatsApp ලා , දැනගෙන ඉවරයි. හැබැයි ඇත්තම එකෙන් වෙන්නේ අපි කැමති දේවල් එයාල මොනාද කියල බලලා , ඒ අපි කැමති දේවල් මොනාද කියල ඒ data’s එයාල විකුණන එකට.
හැබැයි මේක කළබල වෙන්න දෙයක් නෙවෙයි. එකට හේතුව තමයි මුන් මේක කරන්න ගන්නේ 2016 ඉදන්. ඒ කියන්නේ 2016 ඉදන් අපේ දින චර්යාව මෙයාල monitor කරලා ඉවරයි. ඒත් එයාලා එක officially කියන්නේ 2021 දී. එහෙම බලද්දී අපි දන්නේ නැතුවම අපේ පෞද්ගලිකත්වය වෙන කෙනෙකුට දීලා ඉවරයි. කොහොමද ඒක ? මාක් අයියා ලේසි නැහැ පරයා. තව දෙයක් මං දැක්කා විදේශ මාධ්‍ය ඔස්සේ පොඩි article එකක් දාලා තිබ්බ WhatsApp එකත් ඉදිරියේදී අර පාවිච්චි කරන්න බැරි තරමටම advertisement play වෙනවා කියලා හරියට imo එක වගේ. එහෙම උනොත් නම් ඉතිං චැට් කරනවාට වැඩ ඇඩ් බලන්න තමයි වෙන්නේ.
කොහොම උනත් ඔයා whatsapp අයින් කරන්න හිතන් ඉන්නවා නම් නිකන්ම whatsapp එක අයින් කරන්න එපා. account එක ගිහින් account එක delete කරලා ඊට පස්සේ , whatsapp uninstall කරලා දාන්න . හැබැයි ඉතිං එහෙම කරා කියල මෙච්චර කල් එයාලා එකතු කරපු backup එක අයින් වෙන්නේ නැහැ. එකත් මතක තියා ගන්න ඕනි.
මෙහෙමයි මං නම් හිතන්නේ ඉතීම් මුන් දැන් අපේ දින චර්යාව දැනගෙන ඉවර නිසා ආයේ අළුතින් දැනගන්න දෙයක් නැහැ නේ මුන්ට. ඔන්න ඔහේ whatsapp තියන් ඉන්නවා කියල තමයි හිතුවේ. කෙල්ලෙක් නැති එකේ කෙල්ලෙක්වත් සෙට් කරයි නේ single list එකක්වත් හදලා. රෙද්ද.
එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. මාස්ක් එක දාගෙන එහේ මෙහේ පලයල්ලා යන තැනක පරිස්සමෙන්
බුදු සරණයි !
ධනුජය රත්නායක

