2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 6 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව ජනවාරි මස පළමු දින සිට මාර්තු 11 වැනි දින දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 6 ලක්ෂ 23,651 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.
එම සංචාරකයින් අතර වැඩිම පිරිස ඉන්දීය ජාතිකයින් වන අතර, එම සංඛ්‍යාව එක් ලක්ෂ 15,772 දෙනෙක් වනවා.
එසේම බ්‍රිතාන්‍ය ජාතිකයින් 66,164 දෙනෙකු, රුසියානු ජාතිකයින් 56,114 දෙනෙකු, ජර්මානු ජාතිකයින් 45,939 දෙනෙකු සහ චීන ජාතිකයින් 39,725 දෙනෙකු ද මේ අතර වන බවයි දැක්වෙන්නේ.
ඊට අමතරව ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද විශාල සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ.
තවද, මාර්තු මාසයේ පළමු දින 11 තුළ පමණක් විදෙස් සංචාරකයින් 66,996 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

