ඊයේ දිනයට සාපේක්ෂව අද (මාර්තු 12) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 307.18 සිට රුපියල් 307.17 දක්වා සුළු වශයෙන් පහත වැටී ඇති අතර විකුණුම් මිල රුපියල් 314.86 සිට රුපියල් 314.87 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

