ලොව පැරණිම මහා ක්‍රිකට් තරගයක් වන රාජකීය – සාන්ත තෝමස් නිල් මහා සටනේ 147 වැනි දිගහැරුම අද ආරම්භ වීමට නියමිතයි.
තරඟය දින තුනක් පුරා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙනු ඇති.
1879 වසරේදී ආරම්භ වූ රාජකීය – සාන්ත තෝමස් විදුහල් අතර පැවැත්වෙන ‘නිල් මහ සටන’ ලොව දෙවැනි පැරණිතම දීර්ඝතම මහා ක්‍රිකට් තරගය ලෙස හැඳින්වෙනවා.
පසුගිය වසරේදී නිල් මහා සටන ජය ගන්නට සාන්ත තෝමස් ක්‍රීඩකයින් සමත්වෙද්දී, රාජකීයන් 2023 වසරේදී තරගය ජය ගන්නට සමත් වුණා.
ඒ අනුව රාජකීයන් සහ සාන්ත තෝමස් කණ්ඩායම අවස්ථා 36 බැගින් නිල් මහා සටන ජය ගෙන කරට කර සිටිමින් මෙවර තරගයට එක්වීමත් කැපී පෙනෙනවා.
147 වැනි නිල් මහා සටන මහා ක්‍රිකට් තරගය සමගාමීව සාම්ප්‍රදායිකව පැවැත්වෙන කොළඹ රාජකීය විද්‍යාලයේ රථ පෙළපාලිය ද ඊයේ (11) පැවැත්වුණා.

