ඉරානයේ උත්තරීතර නායකයා ලෙස අලි කමේනිගේ පුත් Mojtaba Khamenei නම් කරයි

ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර වලින් ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි ඝාතනයට ලක් වීමෙන් පසු හිස් වූ එම තනතුර සඳහා ඔහුගේ පුතෙක් පත් කර තිබෙනවා.

ඒ අනුව 56 හැවිරිදි මොජ්තබා කමේනි (Mojtaba Khamenei) ඉරානයේ තුන්වන උත්තරීතර නායකයා ලෙස නිල වශයෙන් පත් කර ඇත.

1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසුව පියෙකුගෙන් පුතෙකුට උත්තරීතර නායකත්වය හිමි වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

මොජ්තබා කමේනි මීට පෙර කිසිදු රාජ්‍ය හෝ මැතිවරණ තනතුරක් දරා නොමැති නමුත් ඔහු ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම පත්වීමත් සමඟ මැදපෙරදිග යුද තත්ත්වය තවදුරටත් උග්‍ර වනු ඇතැයි විශ්ලේෂකයන් සඳහන් කරනවා.