නව වසරේ පළමු පාසැල් වාරය සඳහා දිවයිනේ බොහෝ පාසැල් අද උදෑසන විවෘත කෙරුණා. දරුවන් මෙන්ම ගුරුවරුන් ද උද්යෝගයෙන් යුතුව පාසැල් වෙත පැමිණ සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. සෑම පාසලක් අසලම දරුවන්ට අත් පිරිසිදු කර ගැනීමට පහසුකම් සලසා තිබූ අතර සිසුන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම ද සිදු කෙරුණා.
දරු දැරියන් මෙන්ම ගුරුවරුන් හා පාසැල් කාර්යය මණ්ඩලයේ සියලූදෙනා මුව ආවරණ පැළඳ සිටියේ දුරස්ථභාවය ද ආරක්ෂා කර ගනිමින්.
දීර්ඝ නිවාඩුවකට පසු පළමු වරට පාසැල් විවෘත වූ දිනයේ එහි තත්ත්වය පිළිබඳ සොයා බැලීමට නෙත් නිවුස් කණ්ඩායම ද අද උදෑසනින්ම කටයුතු කළා. මේ, දකුණු පළාතේ තත්ත්වය සොයා බැලූ නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්.

