ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා.
කාන්තාවන් සමාජීය, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික වශයෙන් ලබා ඇති ජයග්‍රහණ ඇගයීමටත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානතාවය තහවුරු කිරීමටත් සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීමටත් මෙම දිනය වෙන් කර ඇත.
“අයිතිවාසිකම්. යුක්තිය. ක්‍රියාව. සියලුම කාන්තාවන් සහ ගැහැණු ළමුන් වෙනුවෙන්” (Rights. Justice. Action. For ALL Women and Girls). යන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙවර කාන්තා දින තේමාව වී තිබෙනවා.
1900 ගණන්වල මුල් භාගයේදී කාන්තාවන් විසින් සාධාරණ වැටුප්, අඩු සේවා කාලයක් සහ ඡන්ද බලය ඉල්ලා සිදුකළ කම්කරු ව්‍යාපාර හරහා මෙම ලෝක කාන්තා දිනය ආරම්භ වුණා.
විශේෂයෙන්ම 1917 වසරේදී රුසියානු කාන්තාවන් “පාන් සහ සාමය” (Bread and Peace) ඉල්ලා කළ ඓතිහාසික වැඩවර්ජනය, මාර්තු 8 වන දිනට මෙම විශේෂ දිනය යෙදීමට ප්‍රධාන හේතුවක් විය. පසුව 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙය නිල වශයෙන් පිළිගන්නා ලදී.

