ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන ඉරානයේ ‘IRIS Bushehr’ නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
අදාළ නෞකාවද ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පවසා සිටියේ මානුෂිය ප්‍රතිපත්තියක් මත පිහිටමින් මෙම තීරණය ගත් බවයි.
අදාළ නෞකාවේ 208ක කාර්ය මණ්ඩලයක් සිටින බව සඳහන්.

