ජනවාරියේ පමණක් අල්ලස් පැමිණිලි 630ක්

2026 වසරේ මුල් මාසය තුළ පමණක් අල්ලස් සම්බන්ධ පැමිණිලි 630ක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා.

අල්ලස් වැරදි සම්බන්ධයෙන් ජනවාරි මාසයේදී පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් අය අතර දේශපාලන නියෝජිතයින් තිදෙනෙකු ද වන බවයි කොමිසම සඳහන් කරන්නේ.

ඊට අමතරව, ජනවාරි මාසය තුළ අල්ලස් හෝ දූෂණ සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් හත් දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.