ඉරානය සමඟ යුද්ධයේදී එක්සත් ජනපදයේ ක්‍රියාකාරිත්වය 10 න්15 ක් ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රේණිගත කර තිබෙනවා.
එසේම ඔහු ඉස්ලාමීය ජනරජයේ නායකයින් වේගයෙන් මරා දමන බවත්, යුද්ධය තවදුරටත් ඉදිරියට කර ගෙන යන බවටත් ඊයේ පොරොන්දු වී තිබෙනවා.
ට්‍රම්ප් සඳහන් කරන්නේ ඉරානයට එරෙහි මෙම මෙහෙයුම මඟින් ටෙහෙරානයේ බැලස්ටික් මිසයිල අවි ගබඩාව වේගයෙන් විනාශ කරමින් පවතින බවයි.
‘පිස්සු මිනිස්සුන්ට න්‍යෂ්ටික අවි තියෙනකොට නරක දේවල් වෙනවා’ යනුවෙන් ද ඔහු සඳහන් කරමින් ඉරානය න්‍යෂ්ටික අවියක් ලබා ගැනීමට එරෙහිව කරන මෙම යුද්ධය සාධාරණීකරණය කිරීමට ට්‍රම්ප් උත්සාහ කරනවා.

