ඊශ්‍රායලය ලෙබනනයට එරෙහි ප්‍රහාර තීව්‍ර කරයි

ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ප්‍රහාර තවත් තීව්‍ර කර තිබෙනවා.

ලෙබනනයේ ජාතික ප්‍රවෘත්ති ඒජන්සියට අනුව අද ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇත.

බාල්බෙක්හි නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු මිය ගිය අතර, බේරූට් නගරයට දකුණින් පිහිටි අරමූන් සහ සාඩියාත් ප්‍රදේශවල සිදු වූ ප්‍රහාරවලින් හය දෙනෙකු මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එසේම ප්‍රහාර මාලාවෙන් තවත් විසිතුන් දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බව සඳහන්.

මේ අතර ඉරානයේ ටෙහෙරානයට නව මහා පරිමාණ ප්‍රහාර රැල්ලක් දියත් කර ඇති බවයි ඊශ්‍රායලය සඳහන් කරන්නේ.