පෙබරවාරියේ පමණක් සංචාරකයින් 279,328ක් දිවයිනට

පෙබරවාරි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 279,328ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසනවා.

මෙය පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 16.2%ක වැඩිවීමක් ලෙස දක්වෙයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, පෙබරවාරි මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 47,679ක් පැමිණ ඇති අතර එය 17%කි. 

එසේම එක්සත් රාජධානියෙන් 30,788, රුසියාවෙන් 23,099ක්, ජර්මන් 22,566ක්, චීනයෙන් 20,180ක් සහ ප්‍රංශ ජාතිකයින් 17,174ක් ද පෙබරවාරි මාසයේදී පැමිණ ඇත.

මේ සමඟ, 2026 වසරේ ජනවාරි 01 වනදා සිට පෙබරවාරි 28 දක්වා මුළු සංචාරක පැමිණීම් සංඛ්‍යාව 556,655ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.