අද ඩොලරයේ වටිනාකම

පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 305.56 සිට රු. 305.70 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 313.05 සිට රු. 313.38 දක්වා ඉහළ ගොස් තිබේ.