අමෙරිකාවේ පෙට්‍රල් මිල පසුගිය නොවැම්බර් මාසයෙන් පසු ප්‍රථම වතාවට ගැලුමකට ඩොලර් 3 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය ගැටුම් හේතුවෙනුයි.
අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනයට සහ තෙල් පිරිපහදු මධ්‍යස්ථානවලට මේ වන විට බාධා එල්ල වී ඇත.
මේ හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 5% කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇත.
පවතින අර්බුදය හමුවේ මෙම සතිය තුළ පෙට්‍රල් මිල ගැලුමකට ඩොලර් 3.25 දක්වා තවදුරටත් ඉහළ යා හැකි බවයි විශ්ලේෂකයින් අනාවැකි පල කරන්නේ.

