හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි

හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දමා ඇති බවට ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) අණදෙන නිලධාරියෙක් පවසනවා.

ඔහු සඳහන් කරන්නේ ඒ හරහා යාමට උත්සාහ කරන ඕනෑම යාත්‍රාවකට පහර දෙන බවට අනතුරු අඟවා ඇති බවයි.

ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් තමන්ට සිදු කළ පහර දිම්වලට ප්‍රතිචාර ලෙස ලෝකයේ බලශක්ති නිෂ්පාදනයට තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කර ගැනීමට ඉරානය පියවර ගනිමින් සිටිනවා.

අපි තෙල් නල මාර්ගවලට ද පහර දෙන අතර කලාපයෙන් එක තෙල් බිංදුවක්වත් පිටවීමට ඉඩ නොදෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එසේම ඉදිරි දිනවලදී තෙල් මිල ඩොලර් 200 දක්වා ළඟා වනු ඇති බවට ද ඉරානය අනතුරු අඟවා තිබෙනවා.

ඩොලර් බිලියන දහස් ගණනක ණය බරින් පෙළෙන ඇමරිකානුවන් කලාපයේ තෙල් මත යැපෙන නමුත් තෙල් බිංදුවක්වත් ඔවුන් වෙත ළඟා නොවන බව ඔවුන් දැනගත යුතු බව ද ප්‍රධාන අණදෙන නිලධාරියාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන එබ්‍රහිම් ජබාරි පවසා සිටිනවා.

ඉරානය සහ ඕමානය අතර පිහිටා ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය ලෝකයේ වඩාත්ම තීරණාත්මක තෙල් ප්‍රවාහන මාර්ගවලින් එකක් වන අතර ගෝලීය තෙල් සැපයුම්වලින් දළ වශයෙන් සියයට 20 ක් ඒ හරහා ගමන් කරනවා.