මාසයකට ප්‍රමාණවත් පරිදි ඉන්ධන රට තුළ තියෙනවා

මාසයකට ප්‍රමාණවත් පරිදි ඉන්ධන රට තුළ පවතින බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා. 

ඒ හේතුවෙන් කලබලකාරි මිලදී ගැනීම් සඳහා යොමු නොව ලෙසයි එම සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි අඛණ්ඩව සිදු කරන බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කරනවා. 

හෙට (02) පොහොය දිනයක් වුවද හෙට දිනයේ ද සුපුරුදු පරිදි ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු කරන බවයි එහි විධායක කමිටු සාමාජිකයෙකු ප්‍රකාශ කළේ.