ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව සිදුකළ ප්‍රහාර හේතුවෙන් අයතුල්ලා අලි කමේනි ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පළමු වරට අනාවරණය කර තිබෙනවා.
එසේම මෙම ප්‍රහාරයෙන් ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, බෑණා, මුනුපුරාද ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා.
ඉරාන ෆාර්ස් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත්තේ ඊයේ දිනයේදී ඔහුට පවරා ඇති රාජකාරි ඉටු කරමින් සිටියදී කමේනි ඔහුගේ කාර්යාලයේදී ඝාතනයට ලක්වූ බවය.
කමේනිගේ ඝාතනය හේතුවෙන් එරට දින 40ක මහජන ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ද තීරණය කර තිබෙනවා.
මේ අතර ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරානයට සිදු කරන බෝම්බ ප්‍රහාර තවදුරටත් සිදු කරන බවයි. ඉරාන ජනතාවට තම රට ආපසු ලබා ගැනීමට ඇති එකම හොඳම අවස්ථාව මෙය බවයි ට්‍රම්ප් පෙන්වා දෙන්නේ.
මෙම ප්‍රහාර හේතුවෙන් දැනට ඉරානය පුරා පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි වාර්තා වෙනවා.

